Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 17:46:40 Hours

මාලි හි එක්සත් ජාතින්ගේ මෙහෙයුම් ප්‍රධානී හා චීන සාම සාධක මෙහෙයුම් ප්‍රධාන වෛද්‍ය නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමෙහි සංචාරයක

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ප්‍රධානි සහ චීනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුළු සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ (Combat Convoy Company) සංචාරයක නිරත වෙමින් මාලි රාජ්‍යයේ රාජකාරී කරනු ලබන භටපිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සිදු කරනු ලබන සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමෝපායන් ඇගයුමට ලක් කළහ.

මෙම සෙ‍ෟඛ්‍යාරක්‍ෂිත ක්‍රමෝපායන් පිළිබඳව ඇගයුමට ලක්කිරීම සඳහ කඳවුර වෙත පැමිණි දූත පිරිස එම කඳවුර සිය නිරීක්‍ෂණයට ලක්කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ අණදෙන නිලධාරි (Commanding Officer of The Combat Convoy Company) සමඟින් සුහඳ පිළිසඳරක ද නිරත වූහ. තවද, සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය විසින් තමන් වෙත දැක් වූ සහයෝගය පිළිබඳව අණදෙන නිලධාරී වෙත එම දූත පිරිස ඔවුන්ගේ කෘතඥතාවය පළ කර සිටියහ.

චීන සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ දෙවන හමුදා රෝහලේ නැගෙනහිර වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුළු සත් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්යය මණ්ඩලයේ දූත පිරිස 2020 සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය වෙත පැමිණි අතර මැලේරියා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය විසින් පවත්වාගෙන යනු ලබන රෝහල වෙත ඔෘෂධ තොගයක් ද පරිත්‍යාග කලෝය. Sneakers Store | Air Jordan Release Dates 2020