Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 15:49:38 Hours

මානව හිමිකම් හා මානූෂීය නීතිය පිළිබඳ 28 වන පාඨමාලාව කුකුලේගඟ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ඇරඹේ

කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයන් සඳහා පුරා සති තුනක කාලසීමාවක් තුළ පැවැත්වීමට නියමිත 28 වන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂිය නිතීය පිලිබඳ පාඨමාලාව ඉකුත් සදුදා (21) දින ආරම්භ විය.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් අතර මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂීය නීතිය පිළිබඳ දැනුම හා උපදේශකත්වය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මානව හිමිකම් අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව මෙම පුහුණු පාඨමාලාව පවත්වනු ලැබේ.

ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු පුහුණු ආයතනය විසින් මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂීය නීතිය පිළිබද උපදේශක පුහුණු පාඨමාලා 27 ක් මේ වනවිට පවත්වා ඇති අතර ඒ තුළින් යුද්ධ හමුදා නිලධාරීන් 434 ක් සහ සෙසුනිලයන් 950 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 63 ක් සහ සෙසු නිලයන් 65 ක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 53 ක් සහ සෙසු නිලයන් 57 ක් සහ විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 33 ක් සහ සෙසුනිලයන් 29 දෙනෙකු උපදේශකයින් ලෙස පාඨමාලාව සම්පූර්ණ කර ඇත.

පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කරමින් සමාරම්භක දේශනය මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති (HR & IHL) අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ විසින් සිදු කරනු ලැබු අතර, මෙම පාඨමාලාව යුද, නාවික, ගුවන්, විශේෂ කාර්යය බලකා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 45 දෙනෙකු හඳාරමින් සිටිති. latest Running | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp