Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 12:00:53 Hours

කල්ලඩි පිහිටි 541 වන බලසේනාවේ 10 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

541 වන බලසේනාවේ 10 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ 541 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්වූ අතර මෙම සංවත්සර වැඩසටහනට 541 වන බලසේනාවේ මෙන්ම ඒ යටතේ ස්ථාපිත 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sportswear Design | Men's Footwear