Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2020 13:46:53 Hours

නිරෝධායන මධ්‍යස්ථාන 67 ක පුද්ගලයින් 7233 දෙනෙකු මේ වනවිට සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 4 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 4 ක් අතරින් කටාර් සිට පැමිණි පුද්ගලයින් 3 ක් විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු පූනානි බ්‍රැරැන්ඩෙක්ස් නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් ලෙස වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (27) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (27) දින උදෑසන EY 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 36 ක් ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 32 ක් සහ 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට සිවිල් නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (27) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 467 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 9 ක් ද, ගාල්ල අමරි හොටෙල් නිරෝධායන තුලින් පුද්ගලයින් 13 ක් ද, මාරවිල නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 191 ක් ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 20 ක් ද, ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු ද, ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 05 ක් ද, මීගමුවේ අමාගි ආරියා හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 06 ක් සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 222 ක් වශයෙන් වේ.

එසේම, අද (27) දිනය වනවිට පුද්ගලයින් 45,175 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (27) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 7,233 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (26) දිනය තුලදී PCR පරික්‍ෂණ 1520 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 279,740 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (27) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 28 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් 28 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වෙනවා.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. latest jordan Sneakers | Sneakers Nike Shoes