Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2020 10:52:26 Hours

යුද්ධ හමුදාවට 71 යි - සංවත්සර පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්

(මාධ්‍ය නිවේදනය)

නිර්භීතකම, විනය, පක්‍ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව සතුරන් නසමින් එක්සේසත් දැයක් තනමින් රටවැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට, එළඹෙන 2020 ඔක්තෝම්බර් මස 10 වන දිනට 71 වසරක් සපිරේ.

වර්ෂ 1949 ඔක්තෝබර් මස10 වන දින ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය,1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනත යටතේ අර්ල් ඔෆ් කියිතන්ස් (Earl of Caithness) බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ආරම්භ කරන ලදී. පසුව දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිට වූ බ්‍රිගේඩියර් අන්ටන් මුතුකුමරු, එවකට ලංකා හමුදාවේ පළමු හමුදාධිපති ලෙස රාජකාරි ඇරඹූහ. ගෙවීගිය වසර 71 ක අඛණ්ඩ කාලපරාසය පූරාවට යුද්ධ හමුදාවේ සාර්ථකත්වය උදෙසා යුද්ධ හමුදාධිපතිවරුන් 22 ක් අණදීම් සිදුකර ඇත. පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 24 ක් සමඟින් දිවයින පූරා විසිරී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වනවිට රටවැසියන්ගේ ගෞරවාදරයට පාත‍්‍රව ඇත්තේ එහි ඇති අද්විතිය භාවය නිසාමය.

මානුෂීය මෙහෙයුමට නව පනක් එක්කළ අභීත සෙම්පතියෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2019 අගෝස්තු මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස පත් වූ අතර, එතුමන් මේ වනවිට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර දහොඹවනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ දැවැන්තම සේවා සපයන්නා මෙන්ම ජාතියේ ආරක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාතෘ භූමිය ආරක්‍ෂා කිරීම උදෙසා කරනු ලබන කැපකිරීමට අමතරව ජාතිය ගොඩනැගීම, ප්‍රජා සුභසාධන ව්‍යාපෘතින්, ස්වභාවික විපත් හා ව්‍යසනවලදී මුදාගැනීමේ මෙහෙයුම්, ජාතික අවශ්‍යතා, යටිතල පහසුකම් සංවර්ධනය, මාර්ග, ක්‍රීඩාපිටි සහ පාසල් ඉදිකිරීම ඇතුළු දැවැන්ත කාර්යභාරයක මේ වනවිට නිරතව සිටියි.

71 වන යුද්ධ හමුදා දිනය (ඔක්තෝම්බර් 10 දින) අභිමානවත් අයුරින් සමරමින්, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික ධාතුන් වහන්සේ පිළිවෙලින් ශ්‍රී දළදා මාලිගාවේදී (සැප්තැම්බර් 28 දින), අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීයේදී (සැප්තැම්බර් මස 30 දින) සහ කතරගම කිරිවෙහෙරේදී (ඔක්තෝම්බර් මස 05 දින) වැඳපුදා යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කිරීමට නියමිතව ඇත.

සඳුදා (28) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී,මහා සංඝරත්නය 71 නමක් විෂයෙහිලා දානය සහ අට පිරිකර පිරිනමා ‘සෙත්පිරිත්’ සඡ්ඣායනා කර යුද්ධ හමුදා ධජයට සහ සියලුම රෙජිමේන්තු ධජයන්ට ආශිර්වාද කරමින් යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සව මාලාව ආරම්භ කරනු ලබයි.අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදු අභිමුදී වර්ණවත් ධජයන්ට ආශිර්වාද එක් කිරීමේ උත්සවය බදාදා (30) දින පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගිවීමට ද නියමිතව ඇත.එම අවස්ථාවේදී, ශ්‍රීලංකායුද්ධ හමුදාධිපතිතුමන් අටමස්ථානාධිපති හිමියන් වෙත යුද්ධ හමුදාවේ ඉහළම ගෞරවය පුද කරමින් සංවර්ධන කටයුතු උදෙසා මුල්‍යමය ආධාරයක් පිරිනැමීමට නියමිතව ඇත.

එදිනම (30) අනුරාධපුරයේදී, රට වෙනුවෙන් ඇස්, ඉස්, මස් ලේ දන්දී උදාර පරිත්‍යාගයක් සිදුකළ විරෝදාර රණවිරුවන් කෙරෙහි ඉහළම ගෞරවයක් දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අභිමන්සල-1 හි නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට ද එක්වීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාව දිවයින පුරා විසිරි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් මස 1 වන දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. පසුදින (02) භික්‍ෂුන් වහන්සේලා 71 නමක් විෂයෙහිලා හීල් දානය සහ සංඝගත දක්‍ෂිනාව පිරිනැමීමෙන් පසු යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා මුලස්ථානයේ ආගමික වැඩසටහන් මාලාව නිමාවටපත්වේ.

යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද එක්කිරීමේ හින්දු ආගමික උත්සවය සෙනසුරාදා (ඔක්තෝබර් 3 දින) කොළඹ 13පිහිටි ශ්‍රී පොන්නම්බලම් වනේෂ්වර් කෝවිල් පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කිරීමේ ඉස්ලාමීය දේවමෙහෙයඔක්තෝම්බර් 4 වන දින කොළඹ 03 පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්වීමට නියමිතව ඇත.මෙම දේවමෙහෙය සඳහායුද්ධ හමුදාවේ සියලුම මුස්ලිම් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වනු ඇත.එම ආගමික උත්සවයන් අවසානයේ, එම පූජනීය ස්ථානවල සංවර්ධන කටයුතු උදෙසා මුදල් පරිත්‍යාග ද පිරිනැමිමට නියමිතයි.

පූජනීය කතරගම කිරිවෙහෙර පරිශ්‍රය සහ දේවාල පරිශ්‍රය සඳුදා (ඔක්තෝබර් 5) යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කරමින් පැවැත්වීමට නියමිත ආගමික උත්සවය සඳහා ආලෝකමත් කරනු ඇත.එදින​සන්ධ්‍යාවේ ‘ගිලන්පස සහ මුරුතන් පූජා’ පැවැත්වීමෙන් අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය වටා පොල්තෙල් පහන් 1500 ක් දැල්වීමට කටයුතු සුදානම් කර ඇත. යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් දේවාල පරිශ්‍රයේ පුද පූජා පැවැත්වීමට ප්‍රථම යුද්ධ හමුදා කාවඩි නර්තන ශිල්පීන් විසින්අලංකාරවත් ‘පෙරහැරක්’පවත්වනු ඇත.

එසේම,යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් ක්‍රිස්තියානි ආගම අදහන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා (06) දින කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී කිතුනු ආගමික වතාවත් සිදුකරමින් යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමට නියමිතව ඇත. එම අවස්ථාවේදී, දේවස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කිරීමට නියමිතව ඇත.

අභිමානවත් 71 වන යුද්ධ හමුදා සංවත්සරය සමරමින්, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ බත්තරමුල්ල යුද්ධ හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බදාදා (07) දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයේ අභිමානය විදහා දක්වමින් ඔක්තෝම්බර් මස 10 වන දින (සෙනසුරාදා) ගාලු මෝදර පිටියේදී පැවැත්වීමට නියමිත ගෞරවනීය ආචාර පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මෙන්සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට ආරාධනා කර ඇත.

වර්ණධජ, ජනාධිපතියෂ්ටිය,ජනාධිපති රණ පර්ශූව, ජනාධිපතිවර්ණ, ශ්‍රීලංකාපාබලහමුදාවේහස්තිරාජයා පෙරටු කරගත් යුද්ධ හමුදා සාමාජිකයින් 2,000 කින් සමන්විත 71 වන යුද්ධ හමුදා සංවත්සර දින පෙළපාළිය පෙර නොවූවිරූ අන්දමින් අති උත්කර්ෂවත් ලෙස මේ වසරේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. පසුදින (11) පනාගොඩදී සියලුනිල රාත්‍රි භෝජන සංග්‍රයක් පවත්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සර සැමරුම් වැඩසටහන නිමාවට පත්වනු ඇත. (නිමාව) url clone | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today