Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2020 15:23:18 Hours

2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය යුද්ධ හමුදා මූලස්ථානයෙන් ඇරඹේ

2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලියේ සමාරම්භය මෙවර ඉතා නැවුම් මුහුණුවරකින් යුතුව යුද්ධ හමුදා මූලස්ථානය අභියසදී අද, එනම් සෙනසුරාදා (26) දින ඉතා උද්යෝගීමත් අයුරින් පැවැත් වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය. මෙම තරඟාවලිය වෙනුවෙන් මෙවර යුද්ධ හමුදා රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 දෙනෙකු සහභාගී වූ අතර, කිලෝ මීටර් 22 ක ධාවන දුරකින් සමන්විත එම මැරතන් තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙන් නිමාවට පත් විය.

මෙම මැරතන් ධාවන තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා සභාපති ධුරය දරණ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මූලිකත්වයෙන් හා උපදෙස් මත සිදුවිය. මෙවර මෙම තරඟාවලිය සඳහා කාන්තා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගී වූ අතර, තරගයේ ආරම්භය යුද්ධ හමුදා මූලස්ථානය අසලින් උදෑසන 0600 පැයට සිදුවිය. ඒ අනුව දියත උයන, බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය, හඹරකඩ, ගොඩගම යන නගරයන් පසුකරමින් හයිලෙවල් මාර්ගය හරහා නැවතත් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය අසලින් නිමාවට පත්කිරීමට ඒ වෙනුවෙන් තරඟ වැඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

එමෙන්ම මෙම තරගය නිමාවූ අවස්ථාවේදී ද එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් තරඟකරුවන් පිළිගැනීමට පැමිණ සිටිහ.

ඉන් අනතුරුව ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග, පදක්කම් සහ කුසලාන පිරිනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබු අතර, ත්‍යාග ප්‍රධානය කිරිම සඳහා මේජර් ජගත් ගුණවර්ධන සමගින් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එක් වූහ.

වර්ෂ 1951 දී ආරම්භ කරන ලද යුද්ධ හමුදා මාර්ග ධාවන ශූරතාවලිය තුළින් මේ දක්වා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ යුද්ධ හමුදා මැරතන් ධාවකයන් බොහෝ දෙනෙකු බිහි කර තිබේ.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව විසින් සංවිධනය කරනු ලැබු යුද්ධ හමුදා ධාවන තරඟය නිවැරදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වුණ අතර, තරඟාවලියේ නිරික්‍ෂණ කටයුතු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරනු ලැබිණි.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා :

“අද වන විට 55 වන යුද හමුදා ධාවන තරඟය වැදගත් වන්නේ මේ තුළින් යුද හමුදා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමට උපකාරී වන බැවිනි. මෙවැනි ශූරතා තරඟාවලි අඛණ්ඩව පවත්වා ගෙන යාමෙන්, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩාවන් සඳහා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞෂල්‍යයන් විඳහා දැක්වීමට මනා පිටුවහලක් වනවා. කොවිඩ්-19 තර්ජනය තිබියදීත්, ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අප විසින් මෙම තරඟාවලිය පවත්වනු ලැබුවේ ක්‍රීඩාවේ යහපත උදෙසාය.

කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වය තවදුරටත් පාලනය කිරිම සදහා ඒ හා සම්බන්ධ නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කරමින් කටයුතු සිදු කරන ලෙස මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය. එමෙන්ම මාතර ප්‍රදේශයෙන් හමු වූ විදේශිකයා පිළිබඳව ද අදහස් දැක් වූ එතුමන් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද සියළු පරීක්‍ෂණ වලින් අදාළ විදේශිකයා කොවිඩ්-19 ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇතැයි වැඩිදුරටත් කරුණු සඳහන් කළේය.

ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව පහත පරිදි වේ;

සමස්ත ශූරතාවය - (පිරිමි කාණ්ඩය)

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

සමස්ත ශූරතාවය - (කාන්තා කාණ්ඩය)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

පිරිමි කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලාන්ස් බොම්බඩි කේ සම්මුගීෂ්වරන්

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - කෝප්‍රල් පී.කේ.කේ.එස්.එම් ගුණසේකර

තෙවන ස්ථානය - ගැමුණු හේව බලඇණිය - කෝප්‍රල් ජී.එම්.එස්.ආර්. විජේවික්‍රම

කාන්තා කණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාන්තා බලකාය - සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එම් හේරත්

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාන්තා බලකාය - සාමාන්‍ය සෙබල පී.එම්.එස් සෙව්වන්දී

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය - සාමාන්‍ය සෙබල එම්.ජී.අයි.කේ.කේ. සුගතපාල Sportswear free shipping | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov