Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 11:30:53 Hours

අද සිකුරාදා දින උදෑසන වන විට දිවයින තුළ PCR පරීක්‍ෂණ 275,590ක් සිදුකර ඇති බව කොවිඩි-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් නව දෙනෙකු (09) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් නව දෙනා (09) අතරින් මාලදිවයිනේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, ​ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02)කල්පිටිය නිරෝධයන මධ්‍යස්ථනය තුළින් ද, ඩුබායි සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (03) රාජගිරිය සහ විඩත්තපලෙයි නිරෝධායන මධ්‍ය‍ස්ථානයන් තුලින්සහ කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02)සාම්පූර් නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන්ලෙස වාර්තා වන බවකොවිඩි-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (25) දිනඋදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (25) දින උදෑසන EK 648දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පනස් තුන් දෙනෙකු (53) ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් තිදෙනෙකු (03) ද, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නයිටා සිට පුද්ගලයින් සිව් දෙනෙකු (04) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (25) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් හැට හය දෙනෙකු (66) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින්පුද්ගලයින් සිව් දෙනෙකු (04) ද, කල්පිටිය රුවල රිසෝට් නිරෝධායන තුලින් එක් පුද්ගලයෙකු (01) ද, ජෙට්වින් ලගේන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හය දෙනෙකු (06) ද, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් අට දෙනෙකු (08) ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු (01) ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිස් නව දෙනෙකු (39) සහ ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් සත් දෙනෙකු (07) වශයෙන් වේ. එසේම, අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (25) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුළ පුද්ගලයින් 6,562 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (24) දිනය තුලදී PCR පරික්‍ෂණ 1612 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 275,590ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (25) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එමපුද්ගලයින් එකොලොස් දෙනා (11) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථාවේ.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 04 දෙනෙකු වේ.

විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් හැරුනුකොට දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් කොවිඩ් - 19 ආසාදිතයින් හමුවී නොමැති බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව පිළිපදිමින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වලක්වාගැනීමට සහයෝගය ලබාදීම සියළු ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමකි.(නිමාව) Sportswear free shipping | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov