Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2020 15:24:11 Hours

යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කර මාලි රාජ්‍යය වෙත යැවු නව යුනිබෆල් රථ රාජකාරී ඇරඹුමට සැරසේ

යුද්ධ හමුදා නවෝත්පාදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා භාරදීමෙන් දින කිහිපයකට පසු ඉදිරි ගමනාන්තයන්ට ප්‍රථම මාලි රාජ්‍යයේ විවිධ දුෂ්කර හා කඳුකර ප්‍රදේශයන්හී මාර්ගයන්ට ඔරොත්තු දීම සඳහා එම භූමියට හුරු පුරුදු කිරිමේ අභ්‍යාස ධාවන ආරභා ඇත.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද මෙම වාහන සහ උපාංග තොගය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මාලි රාජ්‍යයේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) ප්‍රයෝජනය සඳහා වර්ෂ 2020 ජුනි මස 26 දින නැව්ගත කිරිම සඳහා ප්‍රධාන නැව් සමාගමක් වෙත භාර දෙන ලදී.

මේ වනවිට, ලුතිනන් කර්නල් නිහාල් ගාල්ලගේ ගේ අණදීම යටතේ නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 ක් ඇතුළු ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 243 ක් සහ වාහන 65 ක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා ඇත. තවද, නුදුරේදී මෙම නව රථ බටහිර අප්‍රිකානු රටවල සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ප්‍රයෝජනය සඳහා ද ලබාදීමට අපේක්ෂා කර ඇති අතර, මෙම නව රථ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මෙහෙයුම් සඳහා ඔවුන්ගේ පවත්නා බලඇණිය ශක්තිමත් කිරීමට තවදුරටත් සහාය වනු ඇත. bridge media | Releases Nike Shoes