Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 17:40:40 Hours

විදේශිකයන් ගුවන් මගින් දිගින් දිගටම මෙරටට ගැනීම සිදු කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) මුලන්කාවිල් සහ අරලිය ග්‍රීන් සිටි යන නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් ද, කටාර් සිට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු (06) විඩත්තපලෙයි නිරෝධයන මධ්‍යස්ථනය තුළින් ද, ඇල්බේනියානු ජාතික වෙළඳ නාවික එක් පුද්ගලයෙකු (01) ෆේයාවේ සන්සෙට් හොටෙල් නිරෝධායන මධ්‍ය‍ස්ථානයන් තුලින් සහ යුක්රේන් ජාතික වෙළඳ නාවික පුද්ගලයින් තිදෙනකු (03) ගල්කිස්ස හොටෙල් නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (26) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (26) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් හත් දෙනෙකු (07) ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් පනස් දෙනෙකු (50) ද, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් අට දෙනෙකු (08) සහ UL 1026 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් එකසීය විසි දෙදෙනෙකු (122) මෙරටට පැමිණ ඇත. තවද, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (26) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙසීය හැත්තෑ එක් දෙනෙකු (271) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) ද, කල්පිටිය රුවල රිසෝට් නිරෝධායන තුලින් පුද්ගලයින් සිව් දෙනෙකු (04) ද, පිටිපන යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හත් දෙනෙකු (07) ද, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් අට දෙනෙකු (08) ද, මීගමුව හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් (29) ද, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) ද, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිස් එක් දෙනෙකු (31) සහ නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එක්සීය හැට අට දෙනෙකු (168) වශයෙන් වේ.

එසේම, අද (26) දිනය වනවිට පුද්ගලයින් 44,817 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (26) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6,991 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (25) දිනය තුලදී PCR පරික්‍ෂණ 1300 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 278,145 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (26) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දාහසය දෙනෙකු (16) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් දාහසය දෙනා (16) අතරින් පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා (02) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේ.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. Running sneakers | Nike Air Max 270