Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 13:00:37 Hours

යුද්ධ හමුදාව විසින් සිදුකළ වැටලීමකදී තවත් කහ තොගයක් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් අද (25) දින උදැසන මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහ තොගයක් සමඟ ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මන්නාරම පාලම අසලදී 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ටොයෝටා ඩයනා ලොරියක් පරීක්‍ෂාවට ලක් කිරිමෙන් පසු එහි තිබි රුපයල් 360,000 / = ක් වටිනාකමකින් යුත් නීත්‍යානුකූල නොවන ලෙස ජාවාරම් කිරිමට සුදානම් කොට ප්‍රවාහනය කරනු ලබන කහ තොගයක් සොයා සොයාගන්නා ලදී.

මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා ත්‍රිවිධ හමුදා විසින් පසුගිය දින කිහිපය තුළ මන්නාරම ඇතුළු විවිධ ස්ථානයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීකෂණ සිදු කරනු ලබයි. latest Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ