Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2020 16:55:50 Hours

ජාතික අවශ්‍යතාවයට ශක්තියක් වෙමින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරය විවෘත වූ වගයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇද්ද යන්න නිශ්චිතව පරික්‍ෂා කරගැනීම සඳහා එක වරකදී PCR පරීක්‍ෂණ 300 ක් පමණ සිදු කිරිමේ හැකියාව සහිතව අංගසම්පූර්ණ ස්වයංක්‍රීය බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරයක් අද (08) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී විවෘත කරනු ලැබූ අතර, මෙම නව ඒකකය ස්ථාපිත කිරීම තුළින් PCR පරීක්ෂණ සහ බෝවන රෝග සඳහා පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සක්‍රියව දායක වීමේ හැකියාව ඇත. වර්තමානයේදී, විද්‍යාත්මක වෛරස අධ්‍යයන උපදේශකයන් හා ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ දිවයින පුරා නම් කරන ලද රසායනාගාර 20 ක මේවන විටත් කොවිඩ්-19 වෛරස් වසංගතයට එරෙහිව එම රෝග විනිශ්චයන් PCR පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේ කාර්යයේ නියුක්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (08) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ගොඩනැගිලි පරිශ්‍රයේ අභිනවයෙන් පිහිටුවන ලද බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරය විවෘත විය. මෙම නව රසායනාගාරය පිහිටුවීම වෙනුවෙන් සම්පත් බැංකුව, ‘WSO2 Lanka’ පුද්ගලික සමාගම සහ සිලෝන් බිස්කට් ආයතනය එක්ව රුපියල් මිලියන 30 ක මූල්‍ය පරිත්‍යාගයක් ද ලබාදී තිබිණි.

ආරම්භයේ දී, නව බෝවන රෝග අණුක රෝග විනිශ්චය රසායනාගාය තුළ PCR පරීක්‍ෂණ 300 ක් පමණ සිදු කිරීමේ හැකියාව ඇති පරිදි ස්ථාපනය කර ඇති අතර, ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා පසු කාලීනව මනා පුහුණුවක් ලත් කාර්ය මණ්ඩලයක් සමගින් PCR පරීක්‍ෂණ 600 දක්වා වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. මෙම සම්පූර්ණ ක්‍රියාමාර්ගයන් ගැනීමට ප්‍රධාන හේතුව වූයේ සමාජය තුළින් වෛරසය පැතිරීමට පෙර වෛරස් තත්ත්වයක් පාලනය කිරීමේ අරමුණින් යුතුව රෝග ලක්‍ෂණයන් පවතින පුද්ගලයන් නිවැරදිව හදුනා ගැනීමට සහ රෝග ලක්‍ෂණයන් නොමැති පුද්ගලයන්ගේ ආසාදන තත්ත්වයන් නිශ්චිතව හදුනා ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් මනා අයුරින් පවත්වාගෙන යාමේ පියවරක් ලෙසය.

කෙටි සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ඵලදායී රසායනාගාර පරීක්ෂණ උපාය මාර්ගයක් අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් අපේ රටේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය පමණක් නොව අනෙකුත් බෝවන රෝග සහ නව රෝග අවම කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් මේ තුළින් ඉටු කිරීමට හැකි බව හා එමගින් මෙම නව පහසුකම මගින් ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට ද නිවැරදි පියවරක් වනු ඇති බව හා "යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට, කොවිඩ්-19 පමණක් නොව අනෙකුත් බෝවන රෝග ද හඳුනාගත හැකි මෙම නවීන පහසුකම් සහිත මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට හැකිවීම අප ලද වාසනාවකි. එවැනි රෝග විනිශ්චයන් පරීක්ෂණ වේගවත් කිරීමට ස්වයංක්‍රීයව උපකාරී වන අතර, කෙටියෙන් පැවසුවහොත් මෙය අපගේ ජාතික ප්‍රයත්නයන් වෙනුවෙන් ඉමහත් උපකාරයක් වන බැවිනි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන්ගේ සම්බන්ධතාවයෙන් යුතුව කොවිඩ්-19 වෛරස් වසංගතය සාර්ථකව මැඩපැවැත්වීමට අපට හැකිව තිබෙනවා. ”

"අප සමාජයෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින් සොයා නොගත්තද, අප සියල්ලන්ම නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අත්‍යවශ්‍ය කරුණකි. මක්නිසාද යත් සුළු අත්වැරදීමක් නිසාවෙන් හෝ අප අතීතයේ අමිහිරි අත්දැකීම් ලබා ඇති හෙයිනි. කොළඹ යුද්ධ හමුදා රෝහලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිටුපස සිටි ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ දැරූ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම කොවිඩ්-19 රසායනාගාරය පිහිටුවීමට හැකි වුනා. දිනකට රෝගීන් 90,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අපගේ අසල්වැසි ඉන්දියාව ගැන සාපේක්‍ෂව සලකා බලන කළ කොවිඩ්-19 වෛරස් වසංගතය සම්ප්‍රේෂණය වීම වැළැක්විම සඳහා වන අපගේ පරිශ්‍රමයන්ට සහයෝගය ලබාදෙමින් දැඩි කැපවීමකින් මෙරට ජනතාව හැසිරුණු බව අපට හැඟි යනවා.”

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේ කාර්යයේ නියුක්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව එම අවස්ථාවට සැපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් රසායනාගාර මෙහෙයුම් සහ රෝහල් සංකීර්ණයේ තවත් පහසුකම් කිහිපයක් ද නිරීක්ෂණය කළේය. best Running shoes brand | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov