Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2020 22:47:16 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඓතිහාසික දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමේ මහගු කර්තව්‍යයේ මූලාරම්භය අද (29) දින උදෑසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

සොලොස්මස්ථානයන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නා ‘දීඝවාපි’ චෛත්‍ය රාජයාණන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අබලන් වී ඇති බව ‘දීඝවාපි’ විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහඔය සෝභිත හිමියන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එහි සංචාරයක නිරත වූ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් එහි වත්මන් ප්‍රධාන සංඝනායක සෝභිත හිමියන් සමග සාකච්ඡා කරනු ලැබීය.

ඓතිහාසික වැදගත්කමකින් යුත් මෙම පුරාණ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ එකගතාවය මත යුද්ධ හමුදාධිපතිගේ උපදෙස්වලට අනුව යුද්ධ හමුදා භටපිරිස්හී තාක්‍ෂණික හා ඉංජිනේරු සහය ඇතිව ආරම්භ කරනු ලැබිණි.

මෙම පූජනීය සිද්ධස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කිරි උතුරවමින් ආගමික වතාවත් සිදු කරමින් පැමිණ සිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුතුව සුභ මොහොතින් ආරම්භ කරනු ලැබිණි.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව, මහියංගනය රජ මහා විහාරස්ථානයේ වත්මන් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු විසින් එම පූජනීය අවස්ථාවට සහභාගී වූ ආණ්ඩුකාරවරයා, ආරක්ෂක ලේකම් සහ යුද්ධ හමුදාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මෙම ව්‍යාපෘතියට දායක වූ අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් කෙටි අනුශාසනාවක් පවත්වනු ලැබු අතර, මෙහි අළුත් වැඩියා කටයුතු වසර දෙකකින් අවසන් කිරීමට නියමිතව ඇත.

එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිලක් වීරකෝන් විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙම පුජනීය අවස්ථාව සඳහා උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිදිවෙල සෝමරතන නායක හිමියන්, කොළඹ සම්බෝධි මහා විහාරයේ වත්මන් ප්‍රධාන සංඝනායක මෙන්ම බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්‍ෂ පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමියන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිණි චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය තිලක් රාජපක්ෂ මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වූහ. Running sport media | Men's Footwear