Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2020 22:59:13 Hours

නව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි අරඹයි

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් අද (17) දින නාරාහේන්පිට පිහිටි ‘නිල මැදුර’ පරිශ්‍රයේ දී සිය කාර්යාල රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සහ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නව අමාත්‍යතුමන් අමාත්‍යාංශ ලේකම් වෙත භාරදීමට නියමිත නිල ලේඛණයකට අත්සන් තබමින් නව කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතාත්මක අයුරින් සනිටුහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව, කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි නව අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැ‍ළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා බෞද්ධ ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නව කාර්යාලය විවෘත කළේය. ඉන් අනතුරුව, නව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමන් එම අවස්ථාව සඳහා රැස්ව සිටි පිරිස අමතමින් එම අමාත්‍යාංශයේ ඉදිරි දැක්ම සහ විෂය පථය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

මෙම අවස්ථාව සඳහා නව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ඥාතීන්, රාජ්‍ය නිලධාරින්, අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන ප්‍රධානීන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. best Running shoes | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify