Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2020 15:43:33 Hours

නව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිදුන් කැළණි විහාරස්ථානයේදී දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවති රාජ්‍ය උත්සවයකදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා කැළණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී සංඝරක්ඛිත නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, අග්‍රාමාත්‍යතුමන්ගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් මහජන ඡන්දයෙන් තේරීපත් වූ අපේක්‍ෂකයින් ඇතුළු තවත් හිතවතුන් සහ ඥාතීන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සපැමිණි ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මෙම විහාරස්ථානයේ බුදු මැදුර අසළ ඉදිකර ඇති විශේෂ පීඨිකාව වෙත කැටුව යාමට ප්‍රථම කැළණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී සංඝරක්ඛිත නායක හිමිපාණන් බැහැදැකීමට ගියේය. ඉන් අනතුරුව, එළඹුනු සුභ මොහොතින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සමගින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිදුන් දිවුරුම් දුන්නේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ නව අග්‍රාමාත්‍යතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් කරමින් එම ලේඛණය අතිගරු ජනාධිපතිතුමන් වෙත භාර දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා ද සහභාගී විය.

ඉන් අනතුරුව, නව අග්‍රාමාත්‍යතුමන් සිය පවුලේ ඥාතීන් සමඟ එක්ව බෞද්ධ ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව මෙම උත්සවය සඳහා සහභාගී වූවන් වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කිරීමට ද නව අග්‍රාමාත්‍යතුමන් කටයුතු කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂකයෙකු ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ගරු මහින්ද රාජපක්‍ෂ මැතිදුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් අපේක්‍ෂකයෙකු විසින් මෙතෙක් වාර්තා කළ වැඩිම මනාප සංඛ්‍යාව වශයෙන් ඡන්ද 527,364 ක් ලබාගනිමින් වර්ෂ 2020 අගෝස්තු මස 05 දින පාර්ලිමේන්තුවට තේරීපත් විය. එමෙන්ම, මීට ප්‍රථම අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ගරු මහින්ද රාජපක්‍ෂ මැතිදුන් වර්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ 05 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. Asics footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf