Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2020 20:39:42 Hours

කුරුවිට ගැමුණු හේවා බලකායේ අභිනවයෙන් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත වර්ණවත් කඳවුරු මුරයක් පිරීනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති හා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහ ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුහ.

පසුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මුලස්ථාන සරඹ භූමියේදී ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ රෙජිමේන්තු වර්ණ පෙරටු කරගත් වර්ණවත් සම්මාන මුරයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු ගැමුණු හේවා බලකායේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව, මුලස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩා මණ්ඩපය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් මුල්ගල තැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් රෙජිමේන්තු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විශේෂ සමරුඵලකයක් නිරාවරණය කර දේශබන්දු ලුතිනන් කර්නල් (විශ්‍රාමික) විමලදාස නමින් ඉදිකළ නව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කළේය. ඉන් අනතුරුව, අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාගාරයේදී ඊට සමගාමීව ප්‍රදර්ශනාත්මක බැට්මින්ටන් තරඟයක් ද පැවැත්විණි.

මෙහිදි, මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා විසින් පිළිගැනීමේ දේශය සිදුකිරීමෙන් අනතුරුව ‘මිණිපුර ගැමුණු නද’ වෙළඳ ප්‍රදර්ශනයෙන් උපයාගත් රුපියල් මිලියන 4 ක වටිනාකමින් යුත් ප්‍රේෂණ පතක් යුද්ධ හමුදා සුභසාධනය සඳහා යොදාගැනීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතමින් සාමූහික වගකීම සහ ශාරීරික ශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම පෙන්වාදුන්නේය.

උත්සව කටයුතු අවසානයේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට එක්විය. යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මෙම ව්‍යාපෘති දෙක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්ගේ අඛණ්ඩ උත්සහයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකායේ ප්‍රවීණයන්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest jordan Sneakers | Nike