Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2020 21:08:49 Hours

"ස්වයං නිරෝධායනය යනු වෛරසය ආසාදනය වීමක් නොවේ” කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (13) දින පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගි වූහ.

"PCR පරීක්‍ෂණවල ප්‍රතිඵලවලට අනුව, අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයින් 492 ක් වාර්තා විය. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ රෝගීන් 492 දෙනාගෙන් 429 දෙනෙකු පුනරුත්ථාපනයට ලක්ව සිටින රැඳවියන් වන අතර අනෙක් පුද්ගලයින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 47 ක් සහ රාජාංගනය ප්‍රදේශයේ පුද්ගලයින් ද ඇතුළුව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 16 දෙනෙකු සිටිනවා.” යැයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිලි කළේය.

"රත්නපුර වැනි නගරවලින් පැතිරයන සමහර කටකතාවලට අනුව එම ප්‍රදේශවල කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන නොමැත. ඇත්තටම, කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුම් භාරයේ සිටින රැඳවියන් හමුවීමට ගිය ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන්, සමහර ප්‍රදේශවල චෝදනා කර ඇති පරිදි කොවිඩ් අසාදිත පුද්ගලයින් නොවේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි ගිය සම්බන්ධතා ඇති පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ එම ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට දැනුම්දුන් පසු, ඔවුන් තම නිවෙස්වල ස්වයං නිරෝධායනට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, සමහර විට එය කොවිඩ්-19 රෝගියෙකු හඳුනා ගැනීම ලෙස අසත්‍ය අර්ථකතනයක් කර තිබෙනවා.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

"කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් පිළිබඳ සියලු තොරතුරු ජනාධිපති කාර්යාලය සහ රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව හරහා අප පසුගිය මාසවල ලබාදුන් පරිදි තොරතුරු වසන් නොකොට අපි දිගටම ලබාදෙනවා,” යැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පැවසීය. Best Nike Sneakers | Nike Off-White