Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2020 16:04:04 Hours

නැගෙනහිර භට පිරිස් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දැවැන්ත විෂබීජහරණ ක්‍රියාවලියක් හා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරති

කොවිඩ්-19 වෛරසය හා ඩෙංගු තර්ජන හමුවේ ශිෂ්‍ය ප්‍රජාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු 100 කට අධික භට පිරිසක් විසින් ජුනි මස 19 සිට ජූලි මස 3 වන දින දක්වා කාලය තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 52 ක් ආවරණය වන පරිදි විෂබීජහරණ ක්‍රියාවලියක් හා පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම මත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ උපදෙස්වලට අනුව, 22 වන සේනාංකය සහ 221, 222 සහ 223 වන බලසේනාවන්හී යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ත්‍රිකුණාමලයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 52 ක් පරික්‍ෂාවට ලක්කර විෂබීජහරණය කරනු ලැබීය.

දින 14 කට වැඩි කාලයක් පුරාව පැවති මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිකුණාමලයේ පොලිස් නිලධාරීන්, සේරුනුවාරා, ගෝමරන්කඩවල සහ කන්තලේ ප්‍රදේශවල සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් යුද්ධ හමුදා භටයින් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාකාරීව ඔවුන්ගේ දායකත්වය මේ වෙනුවෙන් ලබාදී තිබුණි. bridgemedia | UK Trainer News & Releases