Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2020 08:00:50 Hours

55 වන සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ බල ප්‍රදේශයේ ඇති පාසල් විෂබීජහරණය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 55 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් විසින් COVID – 19 වෛරසයට පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ප්‍රදේශයේ පාසල් විෂබීජහරණය කිරිමේ ව්‍යාපෘතියක් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින දියත් කරනු ලැබීය.

දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට පෙර යුද්ධ හමුදා සාමාජිකයන් විසින් කිලාලි, අයියකච්චි, පලෙයි, මරදන්කර්නි, අම්පන්, නාගර්කෝවිල් සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශවල ඇති පාසල් පරිශ්‍රයන් සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. jordan Sneakers | Nike Off-White