Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2020 20:57:01 Hours

සිවිල්-හමුදා සාකච්ඡාවේදී පාලිනගර් ප්‍රදේශයේ මහජන ගැටළුවලට සවන්දෙයි

සිවිල්-හමුදා සබඳතා වර්ධනය කිරීම සහ ආරක්‍ෂාව හා ආර්ථික ඇතුළු මහජන ගැටළු හඳුනාගැනීම සඳහා, වගකිවයුතු රජයේ සේවකයින්, ජ්‍යෙෂ්ඨ ගම්වාසීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් අතර සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (03) දින පාලිනගර් පිහිටි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේදී 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහජනතාවගේ ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පැවැති මෙම සාකච්ඡාව සඳහා මන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්, මල්ලාවි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මාන්කුලම් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවන්, මාන්කුලම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

තවද, මෙම සාකච්ඡාවට 653 වන බලසේනාවේ බලසේනාධිපති, 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. jordan release date | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp