Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2020 08:59:50 Hours

නිරෝධායනය වෙමින් සිටි විදේශීයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට තානාපති කාර්යාල සාමාජිකයෙකු හා එම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු (04) අද (05) දින උදෑසන පැමිණෙන ලදී. එසේම, UL 202 දරණ මගී ගුවන් යානය මගින් බහරේන් සිට පුද්ගලයින් දෙසිය අනු හතර දෙනෙකු (294) සහ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් එකසිය විසිදෙනෙකු (120) අද (05) දින උදෑසන මෙරටට පැමිණ ඇති අතර එසේ පැමිණි ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (05) දින උදෑසන සඳහන් කරනු ලැබීය.

අද (05) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකසිය දහඅට දෙනෙකු (118) නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත් කර යෑවීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව, අද (05) දිනය වනවිට පුද්ගලයින් 18,533 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (05) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 50 ක් තුළ පුද්ගලයින් 6,208 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

අද (05) දින උදෑසන 0600 වනවිට, කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු (05) වාර්ථා වන අතර ඔවුන් විදේශිය රටවල සිට මෙරටට පැමිණ, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. එසේම, අද (05) දින උදෑසන වනවිට පුර්ණ සුවය ලබා ශ්‍රී ලාංකික විදේශිකයින් 15 දෙනෙකු සහ නාවික හමුදාවේ විරෝදාර රණවිරුවන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) රෝහල්වලින් බැහැරව ගොස් ඇති බව මාධ්‍ය නිවේදනය අවසානයේ සඳහන් කර ඇත. jordan Sneakers | New Balance 991 Footwear