Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2020 10:55:54 Hours

යුදබිමේදී සිදුකළ කැපකිරීම අමතක නොකරමින්, ආබාධිත රණවිරුවෙකුට නව නිවසක් ඉදිකරදෙයි

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ පුද්ගලික සම්බන්ධීකරණයෙන් හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පූර්ණ සහයෝගය ඇතිව රණවිරු සේවා අධිකාරිය, ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව එක්ව සිදුකළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස යුදබිමේ දී තුවාල ලබා දෘශ්‍ය හා ශාරිරික ආබාධවලින් පෙළෙන විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් ගොකරැල්ල, නැෂනල්වත්ත ප්‍රදේශයේ ඉදිකළ නව නිවස අද (04) දින උදෑසන පැවැති චාම් උත්සවයකදී විවෘත කරනු ලැබීය.

වර්ෂ 1991 යුධ පිටියේදී බරපතල තුවාල ලබා දෑස් අහිමි වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ කෝප්‍රල් ඊ.පී. මහින්ද එදිරිසුරිය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූ අතර මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යාශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය ද සහභාගි වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදයේ අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක යුදබිමේ ඉදිරියේ සිටි මෙම විරෝදාර රණවිරුවාගේ කැපවීම සහ යුදබිමේදී ඔහු කළ කැපකිරීම අගය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන ‘මෙත් සෙවණ’ රණවිරු නිවාස සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම නිවස ඉදිකිරීම සඳහා අරමුදල් වෙන් කරන ලදී. මෙම විරෝදාර රණවිරුවාගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස්හි ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, නිවාසලාභී කෝප්‍රල් ඊ.පී. මහින්ද එදිරිසුරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකර පීත්ත පටිය කපා නව නිවස විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව, නව නිවස තුළ චාරිත්‍රානුකූලව කිරි උතුරවා නිවාසලාභියා වෙත ගෘහ උපකරණ තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවේදී නිවාසලාභී විරෝදාර රණවිරුවා සිදුකළ කෙටි කතාවේදී, ආරක්‍ෂක ලේකම්, හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර සහ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය කෙරෙහි දැක්වූ උනන්දුව සිහිපත් කළ අතර නිවාසලාභියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස රැකියාව කිරීමට ද අවස්ථාව ලබා දුන්නේය. තවද, නව නිවස ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම සිය කෘතඥතාව පළ කළේය.

මෙම උත්සවය අවසානයේ නිවාසලාභීයා විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්‍ෂක ලේකම්තුමන්ට සිය කෘතඥතාව පුද කළේය.

මෙම අවස්ථාවට නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. jordan Sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov