Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2020 14:51:13 Hours

මාලි හි රාජකාරියෙහි නියුතු ලාංකික භටපිරිස් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවීකරණය කළ යුනිබෆල් රථ නැව්ගත කිරීමට සුදානම්

යුද්ධ හමුදා නවෝත්පදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව එම වාහන සහ උපාංග තොගය විධිමත් ලෙස නැව්ගත කිරීමේ කටයුතු සඳහා අද (26) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී බෙන් ලයින් ෂිපිං ඒජන්සි (පුද්ගලික) සමාගමේ (Ben Line Shipping Agencies (Pvt) Ltd) කළමනාකරු රාහිලීන් බූරම් මහතා වෙත සංකේතාත්මකව භාර දෙන ලදී.

බිම් බෝම්බ ආදී උවදුරු සඳහා ඔරොත්තු දෙන පරිදි මෙම වාහන සහ උපකරණ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික විශේෂඥතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද අතර, මෙම වාහන සහ උපකරණ එක්සත් ජාතීන්ගේ පිරිවිතරයන්ට අනුකූල වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආනයනික අමතර කොටස් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති හෙයින් රජයට සහ යුද්ධ හමුදාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. වසර ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකානු වාහනවලට සමානව එම වාහන නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය දායක වී තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය අමතමින් “පසුගිය වසර දෙකක කාලය තුළ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික විරෝදාර රණවිරුවන් 243 දෙනාගේ පරිහරණය සඳහා යුනිබෆල් රථ 9 ක් සහ ආපදා රථයක් ඇතුළු උපකරණ තොගයක් නැව්ගත කිරීමට හැකවීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා. අපි එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ක එකඟ වෙලා තියෙනවා අපේ කණ්ඩායමට ලබාදිය යුතු වාහන ප්‍රමාණය ගැන. ඒ වාහන වලට පිටරටින් ගෙන්වපු WMAZ වාහන මීට පෙර ලබාදී තිබුනේ. ඒ වාහන මිල අධිකයි. සාමාන්‍යයෙන් මිලියන 40 ක් විතර වෙනවා. අපට ඒක විශාල වියදමක් වන නිසා අපගේ දක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙ වෙතින් මීට ප්‍රථමත් යුනිබෆල් රථ නිපදවුවා. එම මුදලින් ¼ ක මුදලකට මසක් ඇතුලත ආකර්ෂණිය ලෙස නිපදවූ යුනිබෆල් රථ 9 ක් මාලි රාජ්‍ය දැනට සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංග්‍රමික බලඝණයේ ප්‍රයෝජනය සඳහා යැවීමට සැලසුම් කර ඇත” යනුවෙන් පැවසීය.

“ මේක අර අනිකුත් WMAZ රථ හා සමානයි, එකම වෙනස යන සංඛ්‍යාවේ වෙනසක් තියෙනවා. යුනිබෆල් රථ මීට පෙර සැදු විට තිබුණු ක්‍රමවේදයයි මේ අතර ලොකු වෙනසක් තියෙනවා. පිටරටින් ගෙන්වන යුනිබෆල් රථ වල වායුසමිකරණය කරලා නැහැ. ඒත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාහනවල තිබිය යුතු දේවල් ගැන යම් කොන්දේසි තියෙනවා. ඒවාට අවශ්‍ය පරිදි තමයි මේ යුනිබෆල් රථ නිපදවලා තියෙන්නේ. මාත් නැගලා බැලුවා හරි පහසුයි. මෙතෙක් කල් අපි පිටරටින් ගෙන්වපු වාහන එක්ක බැලුවම හරි ලේසියි ඉදගෙන යා හැකියි. මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදි කිලෝමීටර් දහස් ගණන් ධාවනයේ යෙදෙන්න වෙනවා. ඒ නිසා ලබාදීමට හැකි උපරිම පහසුකම් අපගේ රණවිරුවන්ට ලබාදිලා තියෙනවා. අනෙකුත් යුනිබෆල් රථ එක්ක බැලුවම, ඒවාගේ තියෙන්නේ එක් ගන් ඔපරේටර් කෙනෙක් එක්ක,අපි අවි දෙකක් සකස් කරලා තියෙනවා. මාලි රාජ්‍යයේ තියෙන බිම්වෙඩි අපේ ඉන්න ගොඩාක් දක්‍ෂ විරෝධාර රණවිරුවන් ගොඩාක් වෙලාවට අපි හොයාගෙන තියෙනවා. කොවිඩ්-19 තියෙන කාලසීමාව තුල අපගේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් ගේවල්වලට වී නිකම් ඉන්නේ නැතිව විවිධ නිෂ්පාදන කරන්න යෙදුනා. ඉතින් ඒ නිෂ්පාදනවලින් අලුත් නිෂ්පාදන, අලුත් සොයාගැනිම් කරනු ලැබුවා. අපි රටක් වශයෙන් පිටරට වලින් භාණ්ඩ ගෙන්නේ නැතිව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කලොත් අප රට තුල මුදල් රැදීම සිදුවෙනවා. අපි හිතනවා මේවා දැක්කම පිටරටවලින් මේවට ඉල්ලුමක් එයි කියලා. පාබල ඒකකවලට ඉතාමත් වැදගත් රථයක් ඉතින් මම හිතනවා ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරලා විදේශ හමුදාවට පවා මෙය විකිණිමට වුණත් හැකියාවක් තියෙයි කියලා” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට, ලුතිනන් කර්නල් නිහාල් ගාල්ලගේ ගේ අණදීම යටතේ නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 ක් ඇතුළු ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 243 ක් සහ වාහන 65 ක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා ඇත. මෙම වාහන සහ උපකරණ අද (26) දින යුද්ධ හමුදාපතිතුමන් වෙත භාරදීමට ප්‍රථම කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මුලික වැඩපලේදී විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ විසින් පරික්‍ෂා කරන ලදී.

යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. latest Nike Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret