Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2020 18:45:22 Hours

ප්‍රධාන ආරක්‍ෂක නියෝජිතයින් පිරිසක් යාපනයේ ආරක්‍ෂාව සහ කොවිඩ් 19 වසංගතය පිළිබද සමාලෝචනයක

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයින් වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති, ජාතික බුද්ධි අංශ ප්‍රධානී සී.ඩී වික්‍රමරත්න, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, උතුරේ නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරීන් පිරිසක් අද (17) දින උදේ යාපනයේ ආරක්‍ෂක තත්ත්වය සහ කොවිඩ් 19 වෛරසය පිළිබද කාලීන සාමාලෝචනයක නියැළුනහ.

මෙම ආරක්‍ෂක නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට සපැමිණිමට පෙර පාලාලි ගුවන් තොටුපල පරිශ්‍රයේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරය කළ ආරක්‍ෂක ලේකම් තුමන් වෙත 3 වන ශ්‍රි ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වනු ලැබීය. අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් පැමිණි ආරක්‍ෂක නියෝජිතයින් පිරිස පිළිගැනීමෙන් අනතුරුව දවසේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ විය.

ආරක්‍ෂක ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය ද ඇතුළුව උතුරේ ආරක්ෂාව පිළිබඳ වගකිවයුතු නිලධාරීන් අනුපිළිවෙලින් වර්තමාන ආරක්ෂක තත්ත්වය, කොවිඩ් 19 වෛරසයේ බලපෑම්, නීතිය හා සාමය පවත්වා ගැනීම, සමගිය හා සාමය, ජාවාරම් සහ විකිණීම පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කළහ. තවද, මත්ද්‍රව්‍ය සහ මංකොල්ලකෑම්, අපරාධ, ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ගවලට ඇති බාධා, ප්‍රජා පොලිස් ඒකකවල කාර්යභාරය යනාදිය පිළිබදව ද කරුණු සාකච්ඡා කරන ලදී.

සියළු කරුණු කෙරෙහි අවධානය යොමුකළ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පවතින ගැටළුවලට ගතයුතු ක්‍රියාමාර්ග හා මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මහජන මතය කෙරෙහි විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. තවද, කලාපයේ සිදුවන අනවශ්‍ය සිදුවීම් නැවත ඇතිවීමට ඉඩ නොතබා පවත්නා සාමය ඉදිරියටත් රැගෙන යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. අවසන් වශයෙන් එතුමන් කොවිඩ් 19 වසංගතයට එරෙහිව යාපනය අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක අඛණ්ඩ පූර්වාරක්ෂාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ යුතු බව හා ඊට අවශ්‍ය පහසුකම් පිළිබදව ද කරුණු අවධාරණය කළේය.

මෙම කාලෝචිත වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. buy shoes | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD