Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2020 14:24:31 Hours

කොවිඩ් 19 පාලනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය වෛදය නවෝත්පාදන ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපති විශ්මයට පත් කරවයි

COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්‍ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක්, ඉතා කෙටි කාලයක් තුළ එකම ස්ථානයක් තුළින් නිෂ්පානදය කර ඉකුත් බදාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොවිඩ් 19 වෛසරය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගී වූහ.

එම නවෝත්පාදන උපකරණ 29 අතර, ස්වයංක්‍රීයව ක්‍රියා කරනු ලබන නිෂ්පාදන ද වන අතර, එම නිෂ්පාදන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන ලදී. මෙම උපකරණ COVID-19 වෛරසය තුරන් කිරීම සඳහා බෙහෙවින් උපකාරී වේ. පාරජම්බුල සී (ව්‍යාපෘතිය) (Ultraviolet C Project), වෛද්‍ය ව්‍යාපෘතිය (වාතාශ්‍රය) (Medical Project Ventilators) සහ විෂබීජ නාශක උපකරණ (ව්‍යාපෘතිය) (Disinfection Equipment Project), මෙම ව්‍යාපෘතීන් ආරම්භ කරන ලද්දේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය (SLEME) සහ යුද්ධ හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව විසිනි. මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් බෝවීම හා ජීවිත තර්ජනයන් ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ගේ උපදෙස් මත ‘නොහැක්කක් නොමැත’ යන තේමා පාඨය මුල්කර ගනිමින් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මෙම සෞඛ්‍යයට සම්බන්ධ නවෝත්පාදන උපකරණ නිර්මානය කරන ලදී.

එක්සත් රාජධානියේ ඔෘෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන සමාගම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමය විසින් මෙම නවෝත්පාදන උපකරන භාවිතයට සුදුසු යැයි ප්‍රකාශයට පත් කිරීමට පෙර අදෘශ්‍යමාන ආලෝක කිරණ සහිත මෙම පාරජම්බුල සී (යූවීසී), යුද නවෝත්පාදනයන්ගේ බලශක්ති හා පාරිසරික සේවා සහතිකය, ජාතික මූලික අධ්‍යයන ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බැක්ටීරියා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇත.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය තුළින් UVC-C අතේ ගෙන යා හැකි විෂබීජ නාශක ලාම්පුව (Portable Disinfection Lamp) - (PDL1X150), UV-C අතින් අල්ලාගෙන යා හැකි විෂබීජ නාශක ලාම්පුව (Hand-held Disinfection Lamp) - (HDL1X11) UV-C අතින් ගෙන යා හැකි මතුපිට විෂබීජ නාශක ලාම්පුව(Handheld Surface Disinfection Lamp) - (HSDL1X20), UV-C මතුපිට විෂබීජ නාශක කුළුණ (Surface Disinfection Tower) - (SDT2X16), UV-C ස්ථිතික විෂබීජ නාශක කුළුණ (Static Disinfection Tower) - (SDT6X32), UV- C දුරස්ථ පාලක විෂබීජ නාශක කුළුණ (Remote Control Disinfection Tower) - (RCDT6X32), UV-C LED විෂබීජ නාශක ලාම්පුව (LED Disinfection Lamp)- (LEDGL), UV-C උපයෝගිතා විෂබීජ නාශක ආවරණය (Utility Disinfection Cubicle) - (UDC 1X16), UV-C ලේඛන විෂබීජ නාශක ඒකකය (Document Disinfection Unit) - DDU2X11, UV-C ගමන් මලු විෂබීජ නාශක වාහකය (Baggage Disinfection Conveyor) - BDC10X20, ගෘහස්ථ වායු විෂබීජ නාශක ඒකකය (Indoor Air Disinfection Unit) - IADU, වාතාශ්‍රය සඳහා විකල්ප ශ්වසන යන්ත්‍රය (Alternative Respiratory Machine for Ventilation) - ARMV1, වාතාශ්‍රය සඳහා විකල්ප ශ්වසන යන්ත්‍රය (Alternative Respiratory Machine for Ventilation) - ARMV, සෝඩියම් හයිපොක්ලෝරයිට් විසඳුම් උත්පාදක (Sodium Hydochloride Solution Generator) - SHSG - (NaOC1), ආරක්ෂිත පුර්ව ලියාපදිංචි තක්සේරු පෙට්ටිය (Safe Incubation Box) - SIB, පරතර දර්ශකය (Pro-Gap Indicator) (ආරක්ෂිත පරතර දර්ශකය) - පීජීඅයි, ගෘහස්ථ විෂබීජ නාශක රොබෝ (Indoor Disinfection Robot), එළිමහන් විෂබීජ නාශක රොබෝ (Outdoor Disinfection Robot) (ODR), ස්වයංක්‍රීය සනීපාරක්ෂක කුටිය (Automatic Sanitizing Chamber) - ASC, විෂබීජ නාශක තාප කුටිය (Disinfection Heat Chamber) - ඩීඑච්සී, අතේ ගෙන යා හැකි විෂබීජ නාශක (Portable Germicidal) UVC ලේඛන විෂබීජ නාශක (Contrivance for Documents Disinfection), ස්වයංක්‍රීය සපත්තු පිරිසිදු කරන්නා (Automatic Shoe Cleaner), ආරක්ෂිත මුහුණු ආවරණ සහ ජැකට් (Protected Face Mask and Jacket), සීත කබා (, Cooling Jacket), ස්වයංක්‍රීය වාහන විෂබීජ නාශක කුටිය (Automatic Vehicle Disinfection Chamber), ස්පර්ශ රහිත අත් සේදීම (Touch Free Hand Wash), ස්වයංක්‍රීය අත් පිරිසිදු කරන්නා (Automatic Hand Cleaner), ජංගම අත් විෂබීජ නාශක ඒකකය සහ ඩිජිටල් වාහන සෙවුම්කරු (Mobile Hand Disinfection Unit and  Digital Vehicle Searcher) ඇතුළු උපාංග තොගය නිෂ‍්පාදනය කර ඇත.

දවසේ වැඩසටහනට වැදගත්කමක් එක්කරමින් වාර්තාමය වැඩසටහන් ඇතුලත් කෙටි වීඩීයෝ පට දෙකක් තිරගත කිරීමත් සමඟින් ආරම්භ වූ අතර, එහිදි පළමුව රටේ පළමු COVID-19 රෝගියා හඳුනා ගැනීම, ජනාධිපති කාර්ය සාධක බලකාය සහ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබද නිශ්චිත සිදුවීම් අනුපිළිවෙල විස්තර කල අතර, එය පාලනය කිරීම සඳහා සෑම විටම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ, වීරෝදාර ත්‍රිවිධ හමුදා භටයින්, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෙෘඛ්‍ය පරීක්‍ෂක සහ සේවකයින්ගේ කැපවීම, නිරෝධායන මධ්‍යස්ථාන සහ දැඩි සත්කාර ඒකක සහ රෝහල් කඩිනමින් වැඩිදියුණු කිරීම පිළිබදව සහ NOCPCO හි ප්‍රධානි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පාර්ශවකරුවන්ගේ සේවාවන් සහ තවත් හඳුන්වාදීමේ වීඩියෝ වාර්තා දර්ශනයන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තාට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම නව නිපැයුම් 29 පිළිබඳව කෙටි පැහැදිලි කිරිමක් සිදු කළේය. එම අවස්ථාවේදී 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඉන්දු ජයවික්‍රම පිළිගැනීමේ දේශනය සිදු කරමින් සිය අදහස් දක්වමින් මෙම මාරාන්තික වෛරසයට එරෙහි ගෝලීය සටනට ඔවුන්ගේ දායකත්වය පිළිබදව පැහැදිලි කළේය.

දවසේ වැදගත්කම සංකේතවත් කරමින් යුද්ධ හමුදාවට භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද නවෝත්පාදන තුනක්, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අදීප තිලකරත්න, සැලසුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.පී එන් පතිරණ වෙත ලබාදීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත ආරාධනා කළේය.

අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට නව නිපැයුම් කරුවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට ආරාධනා කළ අතර, එම අවස්ථාවට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී වූ අතර, එහිදි පාරජම්බුල - සී ව්‍යාපෘති නිෂ්පාදන කළ ලුතිනන් කර්නල් ජේ.කේ.ඩී. ජයසිංහ සහ ආචාර්ය එල්. උෂාන්ත පද්මසිරි මෙන්ම එස්. ජෙරාඩ් මෙන්ඩිස් මහතා, වාතාශ්‍රය සඳහා විකල්ප ශ්වසන යන්ත්‍රය (ARMV1) සඳහා කපිතාන් යූ.එල්.ජී.ටී ගුණසිංහ, සහ කේ එන් චින්තන ප්‍රනාන්දු මහතා, ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජි‍නේරු රෙජිමේන්තුවේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වෙනුවෙන් කර්මාන්ත කරු ආර් ඒ නිලංග, පරතර දර්ශකය (ආරක්ෂිත පරතර දර්ශකය) - පීජීඅයි, ලාන්ස් කෝප්‍රල් කේ. ජී. එස්. කරුණාතිලක - ස්වයංක්‍රීය සනීපාරක්ෂක කුටීරය (ඒඑස්සී) සහ ස්වයංක්‍රීය වාහන විෂබීජ නාශක කුටීරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ මාණ්ඩලික සැරයන් එල් ඒ නිශාන්ත කුමාර, අතින් ක්‍රියාත්මක වන විෂබීජ නාශක ඒකකය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි එම්. බී. බී ලක්මාල් සහ ස්වයංක්‍රීය අත් පිරිසිදු කිරීම සඳහා 3 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජි‍නේරු රෙජිමේන්තුවේ යූ ඉෂාර වෙත සහතික පත් ප්‍රධානය කළේය.

සහතික ප්‍රදානය කිරීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද පර්යේෂණ හා සංවර්ධන ශාඛාව සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද නවෝත්පාදන දෙකක් ආරක්ෂක ලේකම් වෙත සිහිවටන ලෙස ප්‍රදානය කරන ලදී. එම නව නිපැයුම් අතරට ලිපිගොනු විෂබීජ නාශක සඳහා වන අතේ ගෙන යා හැකි විෂබීජ නාශක UVC (වර්ග 1 සහ II) ඇතුළත් වන අතර එය සියලු වර්ගවල කඩදාසි, ප්ලාස්ටික් භාණ්ඩ, පුවරු සහ ලෝහ මතුපිට විෂබීජ නාශක කළ හැකි අතර විෂබීජ නාශක කළ හැකි UV-C LED විෂබීජ නාශක ලාම්පුවක් (LEDGL) වාහනයක හෝ කුඩා කාමරයක අභ්‍යන්තරය ඇතුලත්ව තිබිණි.

පසුව, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති එම ප්‍රදර්ශන 29 නරඹමින් ඔවුන්ගේ අභිමානවත් නිෂ්පාදන වෙනුවෙන් පෙනී සිටින නවෝත්පාදකයින් සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.

යුද හමුදා මූලස්ථානයට සපැමිණි ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිලිගැනීමට පෙර ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පිරිනැමු කදවුරු සම්මාන මුරය වෙත ආචාර කරන ලදී. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් පර්යේෂණ හා සංවර්ධන ශාඛාවේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරාල් ප්‍රසාද් අකුරන්තිලක සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් පූර්ණ දායකත්වයක් ලබාදුන්හ.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ හා සමාජ දුරස්ථ පිළිවෙත් අනුගමනය කරමින් දවසේ වැඩසටහන පවත්වන ලදී. trace affiliate link | nike air jordan lebron 11 blue eyes black people