Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2020 17:10:58 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිතුමන් බෞද්ධ ආගමික ආශිර්වාදයන් ලබාගනී

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (24) දින අනුරාධපුරයේ ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදාගනිමින් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, අභයගිරිය, ථුපාරාමය, ලංකාරාමය සහ ඉසුරුමුණිය යන ඓතිහාසික විහාරස්ථානයන්හි වැඩවාසී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

මෙම ආගමික සිද්ධස්ථාන වැදපුදගත් ආඥාපතිතුමන්ට, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආශිර්වාද කරමින් නව ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා සියලු ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කළහ.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Nike footwear | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite