Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2020 10:00:26 Hours

දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් වෙනුවෙන් නිවාඩු බංගලාවක් නිමවති

1 වන ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරින් සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නිවාඩු නිකේතනය, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සංකල්පයකට අනුව පවුල් තුනකට එක්වර නවාතැන් ගත හැකි ලෙස පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර ඉකුත් සෙනසුරාදා (16) දින විවෘත කරනු ලැබීය.

1 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.පී.සී.ඒ සමරනායක ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් සුරාජ් බංසාජයා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු බංගලාවේ සමරුඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී.

මෙම ඓතිහාසික ගොඩනැගිල්ල 18 වන සියවසය අවසානය ඉදිරකන ලදී. එම යුගයේදී, වෙස්ලියන් මිෂනාරි නායකයන් දෙදෙනෙකු වන සැමුවෙල් සහ ලොංඩන් මහත්මිය මෙම ඉඩමෙහි අනාථ නිවාසයක් හා වෘත්තීය පාසලක් ආරම්භ කළහ. වර්ෂ 1899 දී බ්‍රිතාන්‍යය විසින් බෝර් සිරකරුවන් කොළඹට ගෙන එන ලද අතර වර්ෂ 1900 අප්‍රේල් මාසයේදී එම සිරකරුවන් දියතලාව වෙත ගෙන යන ලදී. වර්ෂ 1902 දී බටහිර රිජ්වේ ආණ්ඩුකාරවරයා විසින් මෙම ප්‍රදේශය හමුදා කඳවුරක් බවට පත් කිරීමට තීරණය කරන ලදී. මෙම දියතලාව කඳවුර බෝර් සිරකරුවන් රැඳවීම සඳහා භාවිතා කරන ලදී.

ඒ අනුව, කඳවුරු පරිශ්‍රය හමුදා කඳවුරු දෙකකට බෙදා ඇති අතර ඒවා අධිරාජ්‍ය කඳවුර සහ ඌව රංගල කඳවුර ලෙස නම් කරන ලදී. මෙම කීර්තිමත් බලඇණිය ස්ථාපනය කිරීමට පෙර රාජකීය නාවික හමුදාව කඳවුරු භූමියේ ස්ථාපිත කරන ලදී. 1 වන ගැමුණු හේවා බලඇණිය වර්ෂ 1962 දෙසැම්බර් 7 වන දින ඌව රංගල කඳවුරේ ස්ථාපිත කරන ලදි. පසුගිය වසරවල සිට ඌව රංගල ලෙස නම් කරන ලද මෙම යටත් විජිත ගොඩනැගිල්ල 1 වන ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන්ගේ විවාහක නිල නිවාසය ලෙස භාවිතා කරන ලදී. latest jordans | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1