Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 11:50:40 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේනාවිධායකතුමන් අනුරාධපුරයේදී රුක් රෝපණ වැඩසටහනකට එක්වෙයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (18) දින අනුරාධපුරයේ සිදු කළ සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති ‘අඹ’ පැළ රෝපණය කිරීමේ වැඩසටහනකට සහභාගි විය.

මෙම වැඩසටහන මගින් ජානමය වශයෙන් විශේෂයෙන් අභිජනනය කරන ලද අඹ පැළ 150 ක් පරිශ්‍රයේ රෝපණය කරන ලදී.  මෙම රුක් රෝපණ වැඩසටහනට භටපිරිස් දිරිමත් කරමින් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් සමාරම්භක පැළය රෝපණය කරන ලදී.

අනුරාධපුර සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති මෙම වැඩසහනට යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Nike air jordan Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD