Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 20:28:26 Hours

තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණිමත් සමඟ නිරෝධායන කටයුතු අවසන් කළ තවත් කණ්ඩායමක් නිවෙස් බලා පිටත්ව යති

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලාංකීකයන් 106 දෙනෙකු අද (21) දින උදෑසන GA 9820 දරණ මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම රටට සීමා වී සිටිමට ද මෙම පිරිසට සිදු වී තිබිණි.

එමෙන්ම, යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 27 ක්, වස්කඩුව සිට්රස් (Waskaduwa Citrus) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 09 ක්, ජෙට්වින් බ්ලු (Jetwing Blue) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 06 ක්, ගල්කිස්ස මහ හෝටලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 06 ක් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 06 ක් ඇතුළු පුද්ගලයින් 82 දෙනෙකු සති තුනකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර බදාදා (20) දින සන්ධ්‍යාවේ සහ බ්‍රහස්පතින්දා (21) දින උදෑසන වෛද්‍ය පරීක්‍ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන මෙම පිරිසෙහි ගමනාන්ත වන මාතර සහ කොළඹ කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාර ද යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් අතර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නිරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ද පැමිණ සිටියහ. latest Nike Sneakers | Nike Air Max 270