Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 07:30:24 Hours

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම සංවිධානයේ සහය ලබාදෙන බවට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහතික වෙයි

කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද සාකච්ඡාව අතරතුර කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali), වසර ගණනාවක් තිස්සේ දෙරට හමුදාවන් අතර පවතින යහපත් හා මිත්‍රශීලී සබඳතා සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සහ ත්‍රිවිධ හමුදා පුහුණු ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට තවදුරටත් සහයෝගය දැක්වීමට ඇති හැකියාව පිළිබඳ විමසා සිටියේය. කලාපයේ සැබෑ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රාශියක් ලබාදීම පිළිබඳව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තාන හමුදාවට සිය ස්තූතිය පුද කළේය. Nike Sneakers Store | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos