Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 06:38:24 Hours

සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් නීතිගත කිරීමේ හැකියාවන් පිළිබඳව කාර්ය සාධක බලකායේ අවධානයට ලක්වේ

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍ර වන්නි ආරච්චි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡා සැසියක් ඉකුත් බදාදා (20) දින සන්ධ්‍යාවේදි මීට අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් සහ අනෙකුත් පර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විසින් මෙම සාකච්ඡාවේ අරමුණ පිළිබඳ පැහැදිලි කිරිමත් කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ සියළු නිලධාරින්ගේ දැනුම ඇගයුමට ලක් වූ අතර මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු පිළිබඳව ද අවධානය යොමු විය. එමෙන්ම, මහජනතාවගේ යහපත උදෙසා පොදු සෞඛ්‍යාරක්‍ෂක නීති මාලාවක් සැකසීමේ හැකියාව මෙන්ම  අනාගතයේ දී සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් දිවයින පුරා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද වැඩිදුරටත් කරුණු සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව අතරතුරදී, කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය, පවතින අවදානම්, PRC පරීක්ෂණ සිදුකිරීම, විදේශිකයින්ගේ පැමිණීම සහ වෛරසය පැතිරයාම වැළැක්වීමේ කටයුතු වල ප්‍රගතිය, නිරෝධායන ක්‍රියාපටිපාටි, සුව වූ රෝගීන්, බාහිර වර්ධනයන් සහ කාලගුණික බලපෑම් යනාදී කරණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉතා පුළුල් වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. bridge media | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp