Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2020 20:28:11 Hours

තව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්‍ෂා කරන බව කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ඉකුත් (20) දින අපරභාගයේදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

“ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 54 දෙනෙක්, ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානයේ 27ක්, වස්කඩුව සිට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයේ 62ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයේ 02ක්, මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථානයේ 77ක්, පොලිස් ගොඩනැගිල්ල - ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ 05ක්, බෙල්වුඩ් - මහනුවර නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 02ක් සහ නාවික හමුදා රුවල නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 01ක් වශයෙන් පුද්ගලයින් 230 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (20) දින තම නිවෙස් වෙත පිටත් කර යවා තිබිණි.

ඒ අනුව, අද (20) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 10103 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3519 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු වල නිරතව සිටියි.

මේ අනුව ඉකුත් (20) දිනය වනවිට නාවික හමුදාව තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 578 ක් වන අතර ඉන් 221 දෙනෙකුට අදාලව PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට නාවික හමුදා වීරෝධාර රණවිරුවන් 357 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

එමෙන්ම, අද (20) දිනය තුළ කිසිදු ගුවන් යානයක් මගින් මෙරටට පුද්ගලයින් රැගෙනවිත් නොමැති අතර ඉදිරි දින කිහිපයේදී රුසියාව මෙන්ම ඒ අවට රාජ‍්‍යයන් වලින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිත බවත් එම පිරිස යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලට නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාමට නියමිත බවත්” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. jordan release date | Women's Nike Superrep