Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2020 19:13:17 Hours

“රණවිරුවන්ට එරෙහිවීමට මා කිසියම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඉඩ නොදෙන බව” අතිගරු ජනාධිපතිතුමන් ජාතික රණවිරු අනුස්මර‍ණ දින සිය ඇමතුමේදී අවධාරණය කරයි

“ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කල රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ. කිසියම් ජාත්‍යන්තර සංවිධානයක් පදනම් විරහිත චෝදනා මත අපගේ රණවිරුවන් ඉලක්ක කරගනිමින් අපට හිරිහැර කිරීමට උත්සාහ කරන්නේ නම්, එවැනි සංවිධානවලින් අපගේ සාමාජිකත්වය ඉවත් කර ගැනීමට මම පසුබට නොවන බව මම තරයේ ප්‍රකාශ කරමි.“ යනුවෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවති ජාතික රණවිරු අනුස්මරණ දින ජාතිය අමතමින් සිදුකළ සිය ඇමතිමේදී වැඩිදුරටත් කරුනු අවධාරණය කළේය.

“විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කරදුන් අපේ විරෝදාර රණවිරුවන්ට  හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා නොදෙමි. මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්‍ෂා කරන බව මම ඔබට සහතික වෙමි. වසර 30 කට අධික කාලයකට පසු  නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර,  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බාධාවකින් තොරව, කුරීරු ත්‍රස්තවාදයෙන්  රට මුදාගෙන ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යලි උදාකර දුනෙමි. ඔවුන්ගේ කැපකිරීම් වෙනුවෙන් ඔවුන්ට හිමි අයිතිවාසිකම් ජාතික යුතුකමක් ලෙස ඉහළම ප්‍රමුඛතාවයක් මත ලබාදෙන බවටත් මම ඔබට සහතික වෙමි.”

“මම වසර 20 ක් යුද්ධ හමුදාවේ නිලධාරීයෙකු ලෙස සහ තවත් වසර 10 කට ආසන්න කාලයක් ආරක්ෂක ලේකම් ලෙස සේවය කර ඇති අතර යුද්ධය රෝස මල් යහනක් නොවන බැවින්, එහි ඇති දුක් වේදනා මම හොඳින් දනිමි. ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න වැනි යුද ප්‍රවීණයන් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් උත්තරීතර කැපකිරීම් කළ අතර එවැනි කැපකිරීම් පහත් ලෙස සැලකිමට කිසිවෙකු උත්සාහ නොකළ යුතුය. අන්තවාදී බලවේගයන්ට සැමවිටම අවශ්‍ය වන්නේ ජනවාර්ගිකත්වය හා ආගම යනාදිය මත පදනම්ව රටවල් බෙදීමටය. එකමුතු රටක් ලෙස ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට වාසනාව උදාවී ඇති අතර, අප සැමට එක පවුලක සාමාජිකයන් ලෙස සාමයෙන් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදාකර තිබේ.”

“අපේ යුධ වීරයන් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව සටන් කළ අතර රටේ නීතිය හා සාමය නොසලකා ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද කුරිරු යුද්ධයේදී මාර්ගවල, බස් රථවල හා දුම්රියවල අහිංසක ජීවිත බොහොමයක් අපට අහිමි කළේය. ත්‍රස්තවාදය අපේ සමාජයේ රජ කළ අතර වසර 30 කට වැඩි කාලයක් තිස්සේ අපගේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල කළේය. බෞද්ධ ගුණධර්ම, ආශ්චර්යන් සහ සාරධර්මවලින් මනා ලෙස පෝෂණය වූ රටක් ලෙස, නීතිය උත්තරීතර වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලින් පිරී පොහොසත් සමාජයක් ඇති කිරීමට අපට හැකි විය. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය යටතේ මීට අවුරුදු එකොළහකට පෙර අද වැනි දිනයක වසර 30 කට වඩා වැඩි කාලයක් අපට භුක්ති විඳිමට අහිමි වූ සාමය සාක්ෂාත් කර ගැනීමට අපට හැකි විය.” යැයි අතිගරු ජනාධිපතිතුමන් අවධාරණය කළේය. Mysneakers | nike air max 95 obsidian university blue book list