Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 02:58:01 Hours

මඩකලපුව සිංහ සමාජය යුද්ධ හමුදා භටපිරිස් සමඟ එක්ව වියළි ආහාර සළාක පාර්සල් තොගයක් බෙදාදෙයි

233 බලසේනාවේ භට පිරිස් විසින් සෙනසුරාදා (16) කුන්ජන්කුලම් ගම්මානයේ ජිවත් වන පවුල් 70 කට මඩකලපුව සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව වියළි සළාක පාර්සල් 70 ක් බෙදාදෙන ලදී. සිංහ සමාජයේ සාමාජිකයින් බලසේනාධිපතිතුමන් සමඟ සම්බන්ධ වී එම වියළි ආහාර සලාක පාර්සල් තොගයක් තෝරාගත් අසරණ ජනතාව වෙත සාධාරණ අයුරින් බෙදාදීමට අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටියහ.

මෙම වියළි ආහාර සළාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර, සිංහ සමාජයේ සාමාජිකයින්, 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් රැසක් එක්ව සිටියහ. latest Nike Sneakers | nike air max 95 obsidian university blue book list