Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2020 15:00:52 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව (මැයි 19) මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුගේ නිල ලාංඡන අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් පැළඳවනු ලැබීය.

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු, විශේෂ බලකායේ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් චන්න වීරසුරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් තවත් යුද්ධ හමුදාවේ නිලධාරීන් 172 දෙනෙකු බ්‍රිගේඩියර්, ලුතිනන් කර් නල්, මේජර් සහ ලුතිනන් නිලයට මෙලෙස උසස් කරනු ලැබීය.

පසුගිය වසරවලදී යුද්ධ හමුදාවට වටිනා සේවයක් කරමින් සිටි උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනාට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිල ලාංඡන, යෂ්ඨි පිරිනමමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුභපැතුම් ද එක් කරනු ලැබීය. Nike Sneakers Store | Asics Onitsuka Tiger