Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 04:58:01 Hours

ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සති දෙකක කාල සීමාවක් තුළ බාහිර රෝගී අංශයක් ප්‍රතිසංස්කරණය කරයි

වෑතර ග්‍රාමීය රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණය යොදාගනිමින් සතිදෙකක කාලසිමාවක් ඇතුලත එම රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ඒකනායක මහතා යුද හමුදාව වෙතන් ඉල්ලීමක් කර තිබුණි.

ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් 2020 මැයි මස 1 වන දින ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර පසුගිය බ්‍රහස්පතින්දා (14) දින රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ඉංජිනේරු සේවා බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ගේ උපදෙස් මත 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර් නල් පී.එන්. විජේසුරිය ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබීය. Authentic Sneakers | Mens Flynit Trainers