Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2020 00:30:23 Hours

11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ අනෙකුත් නිලයට උසස් කර ඇත. මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය සඳුදා (18) දින සන්ධ්‍යාවේ නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 04 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත්, මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් සියලුදෙනාට සුබපැතුම් එක්කරයි.

මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්:

මේජර් ජෙනරාල් සී.යු. මාරසිංහ ආර්.එස්.පී යු.එස්.පී

මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. එන්ඩියු

මේජර් ජෙනරාල් එච්.පී. රණසිංහ ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්පී. එන්ඩියු

මේජර් ජෙනරාල් ඒ.පී.අයි. ප්‍රනාන්දු ආර්.ඩබ්ලිව්.පී. යු.එස්.පී

මේජර් ජෙනරාල් සී.ඩි. වීරසුරිය ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්පී. එන්ඩියු

බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම

බ්‍රිගේඩියර් එච්.එම්.එන්.බි හේරත්

බ්‍රිගේඩියර් එන්.ජි.එස්. තිලකරත්න

බ්‍රිගේඩියර් කේ.එන්. පෙරේරා buy shoes | Nike Air Max 270