Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 13:00:53 Hours

යාපනයේ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව අසරණ පවුලක් සඳහා තවත් නිවසක් යාපනය භට පිරිස් විසින් ඉදිකරනු ලබයි

යාපනයේ භට පිරිස් යළිත් වරක් උදාර අරමුණක් උදෙසා උදව් උපකාර කරමින්, තියාහි පුණ්‍යාධාර භාරයේ නිර්මාතෘ මෙන්ම සභාපති වාමදේව තිගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනයේ කෝපායි ප්‍රදේශයේ අසරණ පවුලක් උදෙසා නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධිකරණය කරන ලදී.  රසදෝරයි සන්දීරන් මාලා මහත්මියගේ පවුල වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය ආරක්‍ෂක උපදෙස්වලට අනුව ඉකුත් සෙනසුරාදා (16) දින පැවැත්විණි.  නව නිවස ඉදිකිරීම සඳහා ලබාදී ඇති අමුද්‍රව්‍යන්ට අමතරව මෙම උදාර කර්තව්‍ය මුලික වූ පරිත්‍යාගශීලියා මෙම ඉදිකිරීම සඳහා තමාගේම ඉඩමක් පරිත්‍යාග කළ අතර නිවස ඉදිකිරීමට භටපිරිස්හි ශ්‍රමදායකත්වය පමණක් අවශ්‍ය විය.

හින්දු සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ භටපිරිස් සහ පරිත්‍යාගශීලීන් ඉදිරියේ නව නිවස නිවාසලාභි පවුල වෙනුවෙන් නිල වශයෙන් පවරාදෙන ලදී. මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිවාසලාභී පවුලේ ඥාතීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සිටියහ. පසුගිය වසර කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙවැනි නිවාස 700 කට අධික ප්‍රමාණයක් අසරණ පවුල් වෙනුවෙන් ඉදිකර දී ඇත. buy shoes | nike air force 1 shadow , eBay