Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 16:44:54 Hours

රට දැය වෙනුවෙන් අසමසම කැපකිරීමක් සිදුකළ විරෝදාර රණවිරුවන්ගේ මතකයන් රූපවාහිනි වැඩසටහනේදී සිහිපත් කරයි

එල්ටීටීඊ ත්‍රස්තවාදය තුරන් කර වසර 11 ක් සපිරෙන මේ මෙහොතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් වූ නුගසෙවණට අද (18) දින එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘ජාතික රණවිරු අනුස්මරණ දිනය’ පිළිබඳ සිහිපත් කරමින් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන් රට දැය වෙනුවෙන් සිදුකළ අසමසම කැපකිරීම පිළිබඳව ඇගයීමකට ලක් කරමින් අදහස් දැක්විය.

මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සියලු ජනවර්ගවල සාමයට ලැදි ජනතාව බෝධිපූජා, යාඥා ආදී විවිධ ආගමික උත්සව පවත්වමින් විරෝදාර රණවිරුවන්ට ආශීර්වාද කළ ආකාරය පිළිබඳව මෙම වැඩසටහන අතරතුරදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කළේය. “අපගේ ඉතිහාසයේ තීරණාත්මක අවධියේදී අපට ආශීර්වාද කළ සියලු දෙනාටම හිස නමා ආචාර කරමි. එවැනි ආශිර්වාද කිසිදිනක මතකයෙන් ගිලිහි නොයයි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩසටහන අතරතුර පැවසීය.

මෙම රූපවාහිනි වැඩසටහනේ සම්පූර්ණ විඩියෝව පහතින් දැක්වේ; short url link | NIKE