Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 13:44:53 Hours

ගජබා රෙජිමේන්තුවේ රුධිර පරිත්‍යාග වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

අනුරාධපුර ජාතික මහ රෝහලේ රුධිර පාරවිලයන ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගජබා රෙජිමේන්තුව සෙබළුන් 200 කට අධික ප්‍රමාණයක් ඉකුත් සිකුරාදා (16) දින පිළිකා, වකුගඩු හා නිදන්ගත රෝග මෙන්ම තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ යහපත සඳහා ඔවුන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනට අහඹු ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුධිර පරිත්‍යාග කිරීම සඳහා පැමිණ සිටි සෙබළුන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබිණි.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඉල්ලීම අනුව අනුරාධපුර මහ රෝහලේ රුධිර බැංකුවේ උපදේශක වෛද්‍ය හන්සක රාමනායක ඇතුළු කාර්ය මණ්ඩලය මානුෂීය ව්‍යාපෘතියට දායක වූ අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මහින්ද රාජපක්‍ෂ, ඇතුළු ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම වැඩසටහනට සම්බන්ධ විය. Adidas shoes | Men's Sneakers