Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:40:31 Hours

12 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් අරියාලෙයි ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 12 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සෙනසුුරාදා (16) දින යාපනය අර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පූර්වාරක්‍ෂාවක් ලෙස අරියාලෙයි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කළහ.

එම ප්‍රදේශයේ දේවස්ථාන, බස් නැවතුම්පොළ, පොදු ස්ථාන ඇතුළු සියලු පරිශ්‍රයන් බොහොමයක් භටපිරිස් විසින් විෂබීජහරණය කළහ. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ මෙම විෂබීජහරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි. Nike sneakers | Nike Air Max 270