Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:20:47 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියන් යාපනයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත සහයෝගය දක්වයි

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම හේතුවෙන් සිවිල් වැසියන්ට උත්ගත වී ඇති දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් යාපනය දිස්ත්‍රික්කයේ මයිලඩි සහ උරණි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියළි සහ අමු ආහාර සළාක ඇතුලත් පාර්සල් තොගයක් පසුගියදා බෙදාදෙනු ලැබීය.

මේ සඳහා බලඇණියේ සිටින සියලුම කාන්තා සෙබළියන් නිලධාරීනියන් සමඟ එක්ව සිය සහයෝගය දැක්වූහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් රශ්මී ගලහේන විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. Best Nike Sneakers | adidas Yeezy Boost 350