Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:31:37 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති 112 වන බලසේනාවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි

පසුගියදා රාජකාරී ඇරඹු මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින බදුල්ල ප්‍රදේශයේ පිහිටි 112 වන බලසේනා මුලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

112 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් කොස්තා, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජි.ඒ.බි.පී. එදිරිසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර ඉන් පසුව නව ආඥාපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම සංචාරය අවසන් කර එන අතරමඟ මුතියංගනය සහ මහියංගනය යන විහාරස්ථානයන් ද වැඳ පුදාගනු ලැබීය. Authentic Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1