Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:34:00 Hours

ආදී ආනන්දීය බෞද්ධ සංගමය සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ තොගයක් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය පරිත්‍යාග කරයි

සන්නද්ධ හමුදා විසින් ඉටුකරනු ලබන කාර්යභාරය අගය කරමින්, කොළඹ පිහිටි ආදී ආනන්දීය බෞද්ධ සංගමය (OABA) විසින් සෞඛ්‍ය ආරක්‍ෂණ උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (15) දින පනාගොඩ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත පරිත්‍යාග කරන ලදී.

ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ සභාපති මොතිලාල් හේවාගම, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල කළුආරච්චි ඇතුළු විධායක කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු PPE ආවරණ 20 ක්, මුහුණු ආවරණ 30 ක්, මුඛ ආවරණ 500 ක්, අක්ෂි ආවරණ 10 ක් සහ අත් සනීපාරක්‍ෂක බෝතල් 18 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දේමිණි වෙත මෙලෙස භාර දෙන ලදී. Nike Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C