Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:36:25 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ව්‍යාපෘති කිහිපයකට එක්වෙයි

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ඉකුත් සිකුරාදා (15) දින නිකවැව පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ රැෆලින් කුළුණක් ඉදිකිරීමට ආගමික වතාවත් මධ්‍යයේ මල්ගල තැබු අතර ඉන් අනතුරුව පුහුණු පාසල් පරිශ්‍රයේ පැළ 400 ක් රෝපණය කිරීමේ වැඩසටහනකට ද සම්බන්ධ විය. ඉදිවෙමින් පවතින මීටර් 100 වෙඩි තැබීමේ පථය නිරික්‍ෂණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද උපයෝගිතා ගොඩනැගිල්ලක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තවත් නිවාඩු බංගලාවක් විවෘත කළහ.

මෙම සියලු ව්‍යාපෘති ගුවන් සංක්‍රමික බලසේනාවේ ප්‍රධාන උපදේශක මේජර් බී.ජී.ආර්. ගම්ලත්ගේ විසින් අධීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys