Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 21:29:01 Hours

ජපානයේ සහ මියන්මාරයේ සිටි ශ්‍රී ලාංකිකයින් 308 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණි බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (16) දින ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් ජපානයේ සිට මගින් පුද්ගලයින් 234 දෙනෙකු සහ මියන්මාරයේ සිට මියන්මාර් රජයට අයත් මගී ගුවන් යානයක් මඟින් පුද්ගලයින් 74 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 308 දෙනෙකු දිවයිනට පැමිණියහ. එසේ පැමිණි ඔවුන් සියළුදෙනා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරනු ලැබූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එමෙන්ම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මීයන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 17 දෙනෙකු, මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් 28 ක්, අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් 15 ක්, නාවික හමුදා පවුල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 42 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 102 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (16) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුළ පුද්ගලයින් 2734 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළ අද (16) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 488 ක් වන අතර ඉන් 177 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 311 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. මාධ්‍ය නි‍වේදනය අවසන්.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 9374

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 2734

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 32 bridge media | adidas Yeezy Boost 700 , Ietp