Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:39:31 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ‘අභිමන්සල 3’ හි නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමරු කරගනී

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් බදාදා (13) දින කුරුණෑගල, පාන්ගොල්ල පිහිටි ආබාධිත විරෝදාර රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන ‘අභිමන්සල 3’ හි සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුර, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විරෝදාර රණවිරුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය.

මෙම සංචාරය සඳහා ‘අභිමන්සල 3’ හි සේනාවිධායක කර්නල් ඒ.එච්. විජයගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ. bridge media | Nike SB