Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 18:34:00 Hours

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය. නව සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය කාර්යාලයට ප්‍රවිශ්ඨ වීමෙන් අනතුරුව සංකේතාත්මක නිළ ලේඛණයකට අත්සන් තබමින් සිය දූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. එතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ ලෙස ද රාජකාරි කළේය.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

බ්‍රිගේඩියර් (වෛද්‍ය) ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගේ කෙටි විස්තරය පහතින් දැක්වේ:

බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු වෘත්තියෙන් උපදේශක නිර්වින්දන වෛද්‍යවරයකු වන අතර වර්ෂ 2002 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයෙන් නිර්වින්දන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් අතර වර්ෂ 2004 දී නිර්වින්දනය පිළිබඳ උපදේශකයෙකු ලෙස මණ්ඩල සහතිකය ලබා ගත්තේය.

එතුමන්, වර්ෂ 1990 දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර තුළ දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට බැඳුණි.

එක්සත් රාජධානියේ රාජකීය ලන්ඩන් රෝහලේ සහ ලන්ඩන් ශාන්ත බර්තොලමෙව් රෝහලේ නිර්වින්දනය පිළිබඳ විදේශීය පශ්චාත් උපාධි පුහුණුව ද එතුමන් ලබා ඇත. වර්ෂ 2015 දී කොළඹ යුද්ධ හමුදා රෝහලේ පළමු අධ්‍යක්‍ෂවරයා ද ඔහු විය. යුද්ධ හමුදා වෛද්‍යවරයකු වශයෙන් ඔහු හමුදා මෙහෙයුම් වලදී ක්ෂේත්‍ර ක්‍රියාකාරී වෛද්‍යවරයෙකු ලෙස සිදුකල සේවය ද අගය කළ යුතුය.

බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු උත්තරම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම සහ රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.

කළුතර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමන් රුධිර පාරවිලයන උපදේශක වෛද්‍ය නිල්මිණි මහත්මිය සමඟ විවාහ වූ අතර එම දෙපලට ආලෝක, නිර්මාල් සහ අචින්ත නම් කුඩා දරුවන් තිදෙනකු ද වේ. Nike shoes | Mens Flynit Trainers