Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:50:29 Hours

ඇන්සල් ග්ලෝබල් ඉංජිනේරියන් ආයතනය ශරීර ආරක්‍ෂණ ඇඟළුම් භටපිරිස් වෙත පිරිනමති

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන කාර්යභාර්ය අගය කළ ඇන්සල් ලංකා පුද්ගලික සමාගමේ ඇන්සල් ග්ලෝබල් ඉංජිනේරු අංශයේ සාමාජිකයින් සිකුරාදා (15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමෙන් අනතුරුව කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමේ කටයුතුවල නියැලී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශරීර ආරක්‍ෂණ කට්ටල 300 ක් පරිත්‍යාග කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුව සඳහා ඇන්සල් ගෝලීය ඉංජිනේරු අංශයේ අධ්‍යක්‍ෂ උදය ද සිල්වා මහතා, ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ කළමනාකරු දයාන් ගුණවර්ධන මහතා, ඩී.ජී. හේමසිරි මහතා, චමින්දු මහතා, කසුන් විජේසිංහ මහතා සහ විනුති ගමගේ මහත්මිය එක්වූහ.මීට පෙර ද මෙම සමාගමේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණ එවැනිම පරිත්‍යාගයක් කරන ලදී.

ඇන්සල් ලංකා පුද්ගලික සමාගම ආරක්‍ෂක විසඳුම් සහ සැලසුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන අතර කාර්මික කම්කරුවන් සඳහා පුළුල් පරාසයක් ලබාදෙමින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ රෝගීන්ට ප්‍රශස්ත ආරක්‍ෂාවක් සහ උසස් සුවපහසුවක් සහිත අත් සහ ශරීර ආරක්‍ෂණ විසඳුම් නිෂ්පාදනය කරයි. latest Nike Sneakers | Womens Shoes Footwear & Shoes Online