Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 14:24:53 Hours

ජපානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රකාශ කරයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (15) දින මධ්‍යහනේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.

“ජපානයේ සිට පුද්ගලයන් පිරිසක් හෙට (16) දින ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද්ධ හමුදාව විසින් කළමණාකරනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

“ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 60 දෙනෙක්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 47 ක්, පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් 50 ක්, ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 19 ක්, වව්නියා නිරෝධායන මධ්‍යස්ථානයෙන් 179 ක් හා නාවික හමුදා පවුල් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 56 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 411 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (15) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 34 ක් තුළ පුද්ගලයින් 2586 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.”

“නාවික හමුදාව තුළ අද (15) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 479 ක් වන අතර ඉන් 151 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේ රෝහල් වලින් බැහැරවන සියළුම නාවික හමුදා වීරෝධාර රණවිරුවන් තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරවීමටද කටයුතු කරන ලදී. එසේම, තවදුරටත් වීරෝධාර රණවිරුවන් 328 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව” ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 9258

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 2586

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 34 Buy Kicks | Air Jordan Release Dates 2021 Updated , Gov