Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 18:52:47 Hours

5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හට ගෞරවාචාර පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් බදාදා (13) දින 5 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී එතුමන් භටපිරිස් ඇමතූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. එම ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු සියලු නිලධාරීන් සහ සෙසුනිලයින් කොවිඩ් -19 සෞඛ්‍ය ආරක්‍ෂක උපදෙස් පිළිපදිමින් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

එතුමන්ගේ දේශනය අතරතුර, දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය පැතිරයාමෙන් පසුව භටපිරිස් වෙත පැවරී ඇති කාර්යභාර්ය පිළිබඳව අවධාරණය කළ අතර රට වෙනුවෙන් ජාතික රාජකාරි ඉටු කිරීමේදී තම සෙසු සේවකයින්ට උපරිම සහයෝගයක් ලබාදීම සඳහා නිල ඇඳුමින් සැරසුණු මිනිසෙකුගේ අවශ්‍යතාව අවධාරණය කළේය. ජාතියේ අභිවෘද්ධිය උදෙසා සිය ජීවිත පරිත්‍යාග කළ 5 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විරෝදාර රණවිරුවන්ට එතුමන් විශේෂ උපහාරයක් ද එහිදි පුද කළේය.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ අවස්ථාවේ දී 5 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවර්ධනය සඳහා වසර 9 කට අධික කාලයක් පුරා දායකත්වය දැක්වූ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙසුනිලයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දියණියකට සංකේතාත්මකව විශේෂ රෝදපුටුවක් ප්‍රදානය කළේය. Sports Shoes | Women's Nike Superrep